2000 දශකය වනවිට මහියංගන ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලාගේ දැනුම වර්ධනය
කිරීම සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් නොමැතිවීම අවබෝධ කරගත් වේරගොඩ ආනන්ද
නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් 2002 වර්ෂයේදී සොරබොර විහාරස්ථානය
මුල් කරගනිමින් මූලික පිරිවෙනක් ලෙස ආරම්භ කරන ලදී .ඒ 2002/05/06 ශ්‍රී
සම්බෝධි මූලික පිරිවෙන ලෙසිනි. මෙහි කෘත්‍යාධිකාරී හිමියන් ලෙස වේරගොඩ
ආනන්ද නාහිමියන් පත් වූ අතර පළමු පරිවේනාධිපති හිමියන් ලෙස මුතුකෙළියාවේ
පියරතන ස්වාමීන්වහන්සේ පත් වී ඇත.
තවදුරටත් ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි පැවිදි සිසු දරුවන්ගේ
උසස් අධ්‍යාපනය වෙනුවෙන් 2012 වර්ෂයේ ජනවාරි දෙවන දින අරාටුමැඩිල්ලේ
නාරද හිමියන්ගේ මගපෙන්වීම මත මහ පිරිවෙනක් බවට පත් කරන ලදී.
2002 වර්ෂයේ පිරිවෙන ආරම්භ කල සමය පටන් මෙහි අධ්‍යාපනය ලැබූ ගිහි පැවිදි
සිසු දරුවන් පලාත් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත.
වර්තමානය වන විට ශ්‍රී සම්බෝධි මහ පිරිවෙන තුළින් ගිහි පැවිදි සිසුන්
පනහකට අධික පිරිසක් ආසන්න ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයේ වරම් හිමි කරගෙන
ඇත. .දැනට ඇදුරුමඬුල්ලෙහි අට දෙනෙකු සිටිති.
සම්බෝධි මහා පිරිවෙන තුළ සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි ගණිතය ඉතිහාසය
සමාජ විද්‍යාව දෙමළ ත්‍රිපිටක ධර්මය යන විෂයන් උගන්වනු ලබයි. උසස්
අධ්‍යාපනය දැනට මෙහි පරිවෙනාධිපති දූරය දරනු ලබන්නේ රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රවේදී දොඩම්ගොල්ලේ ධම්මානන්ද හිමියන්ය . වර්තමාන කෘත්‍යාධිකාරී
හිමියන් ලෙස කටයුතු කරන්නේ මීගහපිටියේ මේදානන්ද හිමියන්ය.
ත්‍රිවිධ ශාසනය සුරකිමින්
අනාගත ලෝකයේ
අභියෝග ජයගත හැකි
ප්‍රජාවක් බිහි කිරීම.
ඉහළම කාර්යක්ෂමතාවයෙන් හා
විශිෂ්ට ගුණාත්මක ක්‍රමවේදයන්ගෙන් යුත්
සාමූහික සහයෝගීතාවයෙන් යුතු
වගකීමෙන් අරමුදල් ස්ථාවර කරගනිමින්
අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි
අධ්‍යාත්මික ගුණ නුවණින් හෙබි පරපුරක් සඳහා
සේවාවක් සැපයීම.
නම | විභාග අංකය | වර්ශය | ප්‍රතිඵල |
---|---|---|---|
S. J. M. V. A. සමසමරකෝන් | 23024313 | 2023(2024) | B-2 C-4 S-2 W-1 |
D. M. S. S. දිසානායක | 23024321 | 2023(2024) | A-2 B-3 C-2 S-1 W-1 |
W. M. M. W. විජේකෝන් | 23024330 | 2023(2024) | A-1 C-3 S-4 W-1 |
R. D. A. N. L. රාජපක්ෂ | 23024343 | 2023(2024) | A-1 C-4 S-3 W-1 |
වටවන සද්ධානන්ද හිමි | 21026238 | 2021(2022) | B-1 C-3 S-4 W-1 |
මිල්ලත්තෑවේ මෙත්තානන්ද හිමි | 21026246 | 2021(2022) | B-1 C-2 S-5 W-1 |
W. M. පුෂ්පකුමාර හේවගේ | 21026254 | 2021(2022) | C-6 S-3 |
මීට අමතරව තවත් විශාල ප්‍රමාණයක් ශ්‍රී සම්බෝධි මහා පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ අතර මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබාගෙන ඇත.
නම | විභාග අංකය | වර්ශය | ප්‍රතිඵල | විශ්වවිද්‍යාලය |
---|---|---|---|---|
මිනුවන්ගමුවෙ චන්දානන්ද හිමි | 34890123 | 2016 | C2 S1 | කැලණිය විශ්වවිද්‍යාලය |
මිනුවන්ගමුවෙ චන්දානන්ද හිමි | 34890123 | 2016 | C2 S1 | කැලණිය විශ්වවිද්‍යාලය |
මිනුවන්ගමුවෙ චන්දානන්ද හිමි | 34890123 | 2016 | C2 S1 | කැලණිය විශ්වවිද්‍යාලය |
මිනුවන්ගමුවෙ චන්දානන්ද හිමි | 34890123 | 2016 | C2 S1 | කැලණිය විශ්වවිද්‍යාලය |
මීට අමතරව විශ්ව විද්‍යාල වරම් හිමි කරගැනීමට නොහැකි වුවද බොහෝ සිසුන් ප්‍රමාණයකට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී සම්බෝධි මහා පිරිවෙන අත්වැලක් වුණි.