ස්වාමින් වගන්සෙ

පූජ්‍ය වේරගොඩ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ


ලුනුගම්පත්තු කෝරලයේ වේරගොඩ ග්‍රාමසේවා වසමේ වේරගොඩ අලුත්ගෙදර වත්ත නිවසේ පදිංචිව සිටි කීරියගොල්ලේ සමරකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා පියාණන්ට හා රත්නායක මුදියන්සේලාගේ පුන්චිමැනිකා දම්පතීන්ට දාව 1946 අප්‍රේල් මස 22 වන දින කීරියගොල්ලේ සමරකෝන් මුදියන්සේලාගේ ගුණවර්ධන නමින් උපත ලැබීය. උන්වහන්සේට සහෝදර සහෝදරියන් සත්දෙනෙකි.
1951 වර්ශයේ ලුනුගල මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා ඇත. පසුව ශ්‍රී ලෝනගිරි පුරාණ රජ මහා විහාරස්ථානයේ එවකට වැඩ විසූ ප්‍රධාන සංඝනායක මූදියල ශ්‍රී ගුණානන්දාභිධාන නාහිමියන් වහන්සේ ආචාර්යත්වයෙන් 1964 මැයි මස 21 වන දින පැවිදි දිවියට එළබ ඇත. ඉන්පසු මූලික පිරිවෙන් අධ්‍යාපනය ලෝනගිරි පුරාණ රජමහා විහාරස්ථානයේ දී ලබාගෙන ඇති අතර කෑගල්ල කිතුලන්පිටිය පිරිවෙන් විද්‍යායතනයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කොට ඇත.
පසුව උන්වහන්සේ 1968 මැයි මස 23 වන දින උපසම්පදාව ලැබූහ.

සුපිහිටි සැදැහැ ඇති ශාසනික වත පිළිවෙතෙහි මහත් ලැදියාවෙන් කටයුතු සිදු කළ වේරගොඩ ආනන්ද හිමියන් විසින් ආගමික සංස්කෘතික හා සමාජීය වශයෙන් විශාල සේවාවක් කළහ.
1982 වර්ෂයේදී සොරබොර ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපතීත්වයට පත්වීමෙන් අනතුරුව කිසිදු විහාරාංගයක් නොපැවති පන්සල් භූමිය 2023 වර්ශය වන විට සියලුම විහාරාංගයන්ගෙන් සමන්විතව ගොඩ නගා ඇත.
අවසන් වශයෙන් 2021 වර්ෂයේදී ඉතා අලංකාරය බිතු සිතුවම් සිය ගණනකින් සමන්විත විහාරයේ පිට මාලය නිර්මාණය කරවන ලදී
සංස්කෘතික වශයෙන් වාර්ෂිකව පොසොන් උත්සවයක් පැවැත්වීම 1983 වර්ෂයේදී ආරම්භ කළ අතර එය වර්තමානය දක්වා අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි

thero photo 2

වේරගොඩ ආනන්ද නාහිමියන්ගේ සමාජ සේවාවන් තුල ප්‍රදේශීය ගිහි පැවිදි දෙපිරිසගේ සුභ සිද්ධිය උදෙසා ශ්‍රී සම්බෝධි පිරිවෙන ආරම්භ කිරීම, 1982 වර්ෂයේදී විහාරස්ථානයේ ශ්‍රී රක්ඛිත රිවිදින දහම් පාසල පිහිටුවීම, පූර්ව ලමා සංවර්ධන මධ්‍යස්ථාන 42 කට ආසන්න ප්‍රමාණයක් ආරම්භ කිරීමට මූලිකත්වය ගැනීම.
මෙකී ආගමික සංස්කෘතික හා සමාජීය සේවාවන් සිදු කිරීම අගය කරමින් මල්වතු විහාරය විසින් උන්වහන්සේට බින්තැන්න පළාතේ උපප්‍රදාන සංඝනායක ධුරය පිරිනමන ලදී

therodesign

ශාස්ත්‍රපති පූජ්‍ය හොබරියාවේ විමලානන්ද හිමි

thero photo 3

1990 වර්ෂයේ වෙසක් මස විසිතුන් වන දින M.M.කිරිබණ්ඩාර පියතුමාට දාව E.M.නන්දාවතී මෑණියන්ට M.M.අමිල නුවන් බංඩාර නමින් උපත ලැබීය.කුඩා කල පාසල් අධ්‍යාපනය හොබරියාව මහ විද්‍යාලයෙන් ලබාගත් අතරින් 2001 ජනවාරි 03 වන දින පැවිදිවීම සඳහා ොරබර ශ්‍රී අශෝකාරාමයට පැමිණි අතර ශ්‍රී අශෝකාරාමාධිපති වේර වේරගොඩ ආනන්ද හිමියන් විසින් M.M.අමිල නුවන් බංඩාර 2001.05.10 දින හොබරියාවේ විමලානන්ද නමින් පැවිදි කරවන ලදී. ඉන් අනතුරුව විසිවසක් සම්පූර්ණ වීමෙන් පසු 2010 ජුනි මස හත්වන දිනය මල්වතු මහා විහාර විහාර මංගල උපෝසථාගාරයේ දී උතුම් අධිශීලය සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. මූලික අධ්‍යාපනය ලබාගනු ලැබූයේ සොරබොර ශ්‍රී සම්බෝධි මහා පිරිවෙන තුළිනි උසස් අධ්‍යාපනය හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණ කර ඇත.2023 වර්ෂයේ ජූලි මස පළමු දිනය සොරබොර ශ්‍රී අශෝකාරාමය විහාරාධිපතිව වැඩ විසූ වේරගොඩ ආනන්ද නාහිමියන් අපවත් වීමෙන් අනතුරුව 2023 අගෝස්තු හත් වන දින විහාරාධිපති ධූරයට පත්විය.