අසූව දශකයේ වේරගොඩ ආනන්ද නාහිමියන් විහාරස්ථානයට පැමිණීමෙන් පසු ප්‍රදේශයේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් 1982 වර්ෂයේදී විහාරස්ථානයේ දහම් පාසලක් ආරම්භ කොට ඇත. එහි ආරම්භක ප්‍රධානාචාර්යන් වහන්සේ ලෙස වේරගොඩ ආනන්ද නාහිමියන් කටයුතු කර ඇත. මේ වන විට ශ්‍රී රක්ඛිත රිවිදින දහම් පාසල ලෙස ලියාපදිංචි කරන්න පවත්වාගෙන යනු ලබයි.
2025 වර්ෂය වන විට ශ්‍රී රක්ඛිත දහම් පාසල තුළ සිසු දරුවන්ට දෙසිය හැටකට ආසන්න ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය හදාරනු ලබයි. වර්තමාන ප්‍රධානාචාර්ය ධුරය දොඩම්ගොල්ලේ ධම්මානන්ද හිමියන් විසින් දරනු ලබයි.
වාර්ෂික දහම් පාසල් පෙරහැර, දේවදූත පෙරහැර, වෙසක් මහා පුණ්‍යොත්සවය, ධර්මදේශනා පින්කම් මාලාව, කඨින මහා පිංකම, හිසතෙල් ගෑමේ චාරිත්‍ර මහෝත්සවය, අවුරුදු උත්සවය හා ගුරු උපහාරොත්සවය ආදිය දහම් පාසල් දරුවන්ට ජාතික බෞද්ධාගමික සිරිත් විරිත්, චාරිත්‍ර ධර්ම, ඓතිහාසික බෞද්ධාගමික හා සංස්කෘතික වටිනාකම් ප්‍රායෝගික ව සහභාගීත්වයෙන් අධ්‍යයනයට මග පෙන්වයි.
සෑම ඉරු දින උදෑසනක ම පවත්වන සම්බුද්ධ පූජාව, සෑම පුරපසළොස්වක පෝය දිනකම පැවැත්වෙන සීල භාවනා වැඩ සටහන්, සෞඛ්‍යදාන සේවා සහ සමාජ සත්කාර කටයුතු බෞද්ධ බෝසත් ජීවිතයක ගුණාංග පුහුණුව තුළින් උත්තුංග ආකල්ප හා කුසලතා සංවර්ධනයට අවස්ථාව උදා කරයි..
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දොඩම්ගොල්ලේ ධම්මානන්ද හිමි මේ වන විට ශ්‍රී සම්බෝධි මහ පිරිවනේ පරිවේනාධිපති ධූරය සහ ශ්‍රී රක්ඛිත රිවිදින දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දරනු ලබන්නේ දොඩම්ගොල්ලේ ධම්මානන්ද හිමියන් ය.