1775 අසරණ සරණ වලිවිට සරනන්කර සන්ගරාජ මාහිමියන්ගේ සාසන උද්දීපනයෙ ප්‍රතිඵලයක් වශයෙන් 1950 දශකයේදී ජනපද ව්‍යාප්තියක්සමග සොරොබොර ජනපදය තුල මුදියෙල ගුනානන්ද මාහිමියන්ගෙ මූලිකත්වයෙන් අඹගොල්ලෙ දේවරවිත හිමියන් විසින් සොරොබොර ශ්‍රී අශෝකාරාමය විහාර ස්ථානය ආරම්බ කොට ඇත. 1882 වර්ශයේ ශ්‍රී අශෝකාරාමය විහාරයේ විහාරාදිපතීත්වයට පත් ඌ වේරගොඩ ආනන්ද ස්වමින් වහන්සේ විසින් 1983 වර්ශයේදි ප්‍රදේශයේ පලමු පොසොන් පෙරහැර ආරම්බ කල අතර එය අද දක්වා අඛන්ඩව පවත්වගෙන එනු ලබයි. සොරොබොර ශ්‍රී අශොකාරාමය විහාරය තුල ප්‍රදේශීය දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය උදෙසා 80 දශකයේ විහාරස්ථාන්යේ දහම්පාසල අරම්බ කොට අද දක්වාම අද පවත්වාගෙන එනු ලබයි. එමෙන්ම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් 2002 වර්ෂයේදී ශ්‍රී සම්බෝධි මූලික පිරිවෙන ආරම්භ කොට ඇති අතරේ එය අද වන විට මහා පිරිවෙනක් දක්වා උසස් කොට එය අද වන විට මහා පිරිවෙනක් දක්වා උසස් කරමින් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ සහ සිසු දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට මහඟු සේවයක් ඉටු කරනු ලබයි. වර්තමානය වන විට හොබරියාවේ විමලානන්ද ස්වාමීන් වහන්සේ විසින් විහාරාධිපති ධූරය දරමින් සොරබොර ශ්‍රී අශෝකාරාම විහාරස්ථානය මුල් කර ගනිමින් ආගමික සාසනික සමාජීය සහ අධ්‍යාපනික සේවාවන් ඉටුකරනු ලබයි.
.jpg?alt=media&token=27af3899-34be-450e-b8bc-4e6c6f2042ab)


පූජ්‍ය වේරගොඩ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ
මහියංගණ සොරබොර ශ්‍රී අශෝකාරමය, ලුණුගල ලෝනගිරි පුරාණ රජමහා විහාරය , වටවන ශ්‍රී සදගල් විහාරය යන විහාරත්‍රයාධිපති , ශ්‍රී සම්බෝධි මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී මහියංගන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති , ශාසන කීර්ති ශ්‍රී මුලු දිවයිනටම සාම විනිසුරු, ඌව බින්තැන්න පලාතේ උප ප්‍රධාන සංඝ නායක , විනය කීර්ති ශ්‍රී පූජ්‍ය වේරගොඩ ආනන්දාභිධාන නායක ස්වාමීන් වහන්සේ

ඉතිහාසය

1775 දී අසරණ සරණ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් ශාසන උද්දීපනයේ දී ඌව වෙල්ලස්‌ස නියෝජනය කරමින් කොකුන්නෑවේ සංඝ කීර්ති මහා ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වූ සඝ පරපුරකි. ඌව වෙල්ලස්සේ සියම්නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝ පරම්පරා දෙකක් ඇත. ඒ කොටසර සඝ පරපුර සහ පොතුබන්දන සඝ පරපුරයි . සොරබොර ශ්‍රී අශෝකාරාමය අයත් වන්නේ මෙයින් පොතුබන්දන සංඝ පරම්පරාවටයි. කොකුන්නෑවේ සංඝකීර්ති හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයහිමිවරයෙකු වන ධම්මපාල ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ලුණුගල සුනන්ද ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වන ලුණුගල ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍යයකු වන ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයෙකු වන වේරගොඩ ආනන්ද හිමිපාණන් වහන්සේ දක්වා මෙම සඟ පරපුරට අයත්වේ. වේරගොඩක් ආනන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයවරයන් වහන්සේලා විසින් මෙම සඝ පරපුර පවත්වාගෙන යනු ලබයි.

විශේෂ අවස්ථා
සොරබොර ශ්‍රී අශෝකාරාමය, මහියංගනාවේ පිහිටි පුරාණ විහාරයක් වන අතර, එහි විශේෂ අවස්ථා බොහෝ විශාල ප්‍රමාණයකින් පැවැත්වේ. මෙම විහාරයේ විශේෂ අවස්ථා අතර, පූජා, ආගමික උත්සව, සමාජ සේවා වැඩසටහන් සහ සංස්කෘතික උත්සව ඇතුළුව වේ. මෙම අවස්ථා, විහාරයේ ආගමික හා සංස්කෘතික වටිනාකම වැඩි දියුණු කිරීමට සහ ප්‍රජාවට ආගමික හා සංස්කෘතික අත්දැකීම් ලබා දීමට උපකාරී වේ.



Gallery


.jpg?alt=media&token=390e48c1-cc9c-4ce2-9373-acec4fca3849)
.jpg?alt=media&token=d54d94c6-168e-46bd-bc4b-cb758e2ca615)
.jpg?alt=media&token=dfbf8004-9da7-4d52-9dac-b6fcc457283b)
.jpg?alt=media&token=c5c5531a-aeba-4519-917c-48abbe514284)
.jpg?alt=media&token=3edc41db-3d12-447f-b3ae-679a6c3c4f41)
.jpg?alt=media&token=32ff0b7d-b1ed-40c4-b852-c9a2afd1ff31)